ඩොලර් හිගය පියවන්න පැන්ඩෝරා මුදල් ගෙන්වා ගන්න

0 27

ඖෂධ හිගයට ප්‍රධානම හේතුව වි ඇත්තේ ඩොලර් හිගය සහ ගෙන්වීමේ ක්ක්‍රමවේදයේ  ගැටලුව බවත් මෙම ඩොලර් ගැටලුව විසදීම සදහා හොදම විසදුම වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවල සදහන් ව තිබෙන රටට අහිමිව ඇති කෝටි ප්‍රකෝටි ගණනින් වන ඩොලර් ගෙන්වා ගැනීම බවත් එසේ නොමැතිව චීනයෙන් ඉන්දියාවෙන් ඇමෙරිකාවෙන් සහ යුරෝපා හවුලෙන් ණය ලබා ගැනීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ තුළින් ඖෂධ හිගය මෙන් ම රටේ ඩොලර් අර්බුධයටත් විසදුමක් ලැබෙන බවත් මෙය සිදු කළ යුත්තේ පුද්ගලයන් ඉලක්ක කර ගෙන නොව වැරදි සිදු කළ කණ්ඩායම් ඉලක්ක කර ගෙන හොරා කාපු, මංකොල්ල කාපු, රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල ලබා ගත යුතු බවත් මෙම මුදල් සහ දේපල ලක්ෂ 220ක් වූ මහජනතාවගේ දේපල බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය. නමුත් ඒ මාර්ගය ඔස්සේ වත්මන් රජය යාවි ද යන්න ගැටලුවක් වුවත් ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ මෙකී හොරා කන ලද සියලු මුදල් පැහැදිලි විනිවිධභාවයකින් යුක්තව නිසි වගකීමකින් යුතුව අදාළ සම්පත් සියල්ල නැවත අත්පත් කර ගන්නා බවත් පැවසීය.

ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය, ඔසුහල් සහයකයින්ගේ සංගමය, එහි ව්‍යවසායකයින්, බෙදා හරින්නන් ඇතුළු පිරිසක් සහභාගි වුණු ජාතික මහජන සභාව ඊයේ (25) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

වර්තමානයේ රටේ පවතින ඖෂධ හිගය පියවීම සදහා විපක්ෂයේ සිටිමින් පවා විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මේ වන විට ඒ යටතේ මිලියන 165ක රෝහල උපකරණ, වෛද්‍ය උපකරණ සහ බෙහෙත් හේත් ලබා දී ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය. හුස්ම වැඩසටහන යටතේ එසේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සේවවක් කරන විට සක්වල වැඩසටහන යටතේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ බවත් එබැවින් උනුත් එකයි මුනුත් එකයි සංකල්පයෙන් තමන් ඇතුළු විපක්ෂය වෙනස් බවත් පැවසීය.

Hits: 1

You might also like
Comments
Loading...