දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 21

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය අද(30) විවෘත කෙරුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

හැටන් දික්ඔය ඔටර් වතුයායේ අලුතින් ඉදි කරන ලද දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය සියළුම පහසුකම් වලින් සමන්විත වනවා.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සියළුම පාලන කටයුතු නව කාර්යාලය තුලින් සිදු කරන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කියා සිටියේ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමට සමගාමිව පසුගිය දා මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ආපදාවට ලක්ව මියගිය නාවලපිටිය කැටබුලාවේ තිදෙනෙකුට, ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේ දෙදෙනෙකුට සහ හැටන් අබොස්ලි වතුයායේ පවුලේ ඥාතින්ට විපක්ෂ නායකවරයා විසින් මුදල් ආධාර ලබාදීමක්ද සිදු කෙරුණා.

දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරිමෙන් අනතුරුව එම ප්‍රදේශයේ රැස්විමක්ද පැවැත්වූ අතර, මෙම අවස්ථාවට දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායකවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වි රාධා ක්‍රිෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. උදයකුමාර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වේළුකුමාර් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.

 

 

Hits: 0

You might also like
Comments
Loading...