හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී අද(31) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
තුවාල ලැබූවන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් වෙඩි ප්‍රහාරයට එල්ල කර ඇති බවත් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.
අධිකරණමය කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
Hits: 5