තිළිණි ප්‍රියමාලිගේ බිස්නස් නිසා සේමිණිගෙන් පැය 4ක් CIDයෙන් ප්‍රශ්න කරයි

0 27

ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වනවා. 

ඒ. ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.

මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

ම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

සිය ප්‍රකාශය ලබාදීම සඳහා සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පැමිණ සිටියේ ඇයගේ සැමියා සමගින්. 

ඇගේ සැමියා ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කරන අයෙකි.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා..

තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රශ්න කිරීමේදී ප්‍රතික්‍ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තවත් නිරූපිකාවකට සහ නිවේදිකාවකට තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබාදීමට රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඔවුන් ඊයේ වනතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ පෙනී නොසිටි බවයි වාර්තා වන්නේ.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

Hits: 2

You might also like
Comments
Loading...