දිගම්බරන් – තොණ්ඩමන් එකම වේදිකාවේ සිටීම ගැන පක්ෂ දෙකෙන්ම විවේචන
දමිල ප්‍රගිතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය එක් ව කටයුතු කිරීම ඉන්දිය අවශ්‍යතාවයක් මත සිදු වූවක්
දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේදි ඊයේ (30) ෙසමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රධාන කාර්යාලය විවෘත කළ අවස්ථාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජිවන් තොණ්ඩමන් මහතා සහභාගිවීම පක්ෂ දෙකේම සෙසු නායකයින්ගේ විවෙචනයට ලක්ව තිබෙනවා.
දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායක සහ නියෝජ්‍ය නායකයෙකු විසින් එම සන්ධානයේ සෙසු නායකයින් සමග සාකච්ඡා නොකර ඔහුන්ගේ අභිමතය පරිදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාට උත්සවයට සහභාගි වන ලෙස ආරාධනා පත්‍රයක් ලබා දි ඇත.
උත්සවය පැවැත්වූ අවස්ථාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගි වන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයා විසින් තමන්ව දැනුවත් කල බවත්, ඒ අනුව එම උත්සවයේ මද වේලාවක් රැදි සිට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා උත්සවයට සහභාගි විමට ප්‍රථම දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු එම උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වනවා.
නියෝජ්‍ය නායකයා සහ පාර්ලිමේන්තුවරුන් පිටව යාමත් සමග ඔහුන්ගේ ආධාරකරුවන්ද පිරිසක්ද උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගිවීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේද ජ්‍යෙෂ්ඨ නායකවරුන් කිහිප දෙනෙකුගෙන් එයට විරෝධය පල කර ඇති අතර, දමිල ප්‍රගිතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය එකට එක් වී ඉදිරියේදි කටයුතු කිරීම ඉන්දිය රජයේ අවශ්‍යතාවයක් මත සිදු වූ දෙයක් බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු කියා සිටියේ.
[රංජිත් රාජපක්ෂ – හැටන්]
Hits: 1