ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය අද සිඩ්නිහිදී පැවැත්වුණේ පකිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතරයි.
තරගයෙන් ලකුණු 33ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට පකිස්ථානු කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේයි.
තරගයේ කාසියේ දිනාගත් පකිස්ථානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 185ක් ලබාගැනීමට සමත් වූවා.
පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් Shadab Khan ලකුණු 52ක්ද Iftikhar Ahmed ලකුණු 51ක්ද Mohammad Haris සහ Mohommad Nawaz ලකුණු 28 බැගින්ද ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.
දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Anrich Nortje කඩුලු 4ක්ද Wayne Parnell, Kadiso Rabada, Lungi Ngidi සහ Tabraiz Shamsi එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 186ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 9ක් අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 69ක් ලබා සිටි අවස්ථාවේදී තරගයට වැස්සෙන් බාධා එල්ල වූවා.
ඒ අනුව තරගය අත්හිටවූ අතර අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 14ක් තුළදී ලකුණු 142ක ඉලක්කයක් දකුණු අප්‍රිකාවට හිමි වූවා.
කෙසේ වෙතත් එම ඉලක්කය සපුරා ගැනීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් සමත් වූයේ නැහැ.
දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන් Temba Bavuma ලකුණු 36ක්ද Aiden markram ලකුණු 20ක්ද Tristan Stubbs ලකුණු 18ක්ද Heinrich Klaasen ලකුණු 15ක්ද ලබාගැනීමට සමත් වූවා.
සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් වූයේ නැහැ.
ඒ අනුව පකිස්ථානු කණ්ඩායමට ලකුණු 33ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට හැකියාව ලැබුණා.
පන්දු යැවීමේදී පකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු 3ක්ද Shadab Khan කඩුලු දෙකක්ද Naseen Shah, Haris Rauf iy Mohammad Wasim එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස පකිස්ථානු කණ්ඩායමේ Shadab Khan සම්මාන ලබාගත්තා.
මේ අතර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් හෙට(04) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අයර්ලන්තය සහ නවසීලන්තය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ටත් ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පස්වරු 1.30ටත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරග දෙකම ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිතයි.
Hits: 0