කටමත දොඩවන ඇතැම් පා.මන්ත්‍රිවරුන්ට අමාත්‍යධුර දැරිමට සුදුසුකම් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවිර මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ හැටන් රොතැස් සත්ව ගොවිපොලේ නිරික්ෂණ චාරිකාවකට අද (13) දින එක් විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවිර මහතා කියා සිටි තමන්ට අමාත්‍ය ධුරයක් දැරිමේ හැකියාවක් ඇති නිසා තමන් සැම රජයකම ඇමතිධුර දැරු බවයි.
වත්මන් රජයේ අමාත්‍ය ධුරයක් දැරුවද තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සිටින බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට තමන් ඉඩ ලබානොදෙන බවයි.
තේ වගාවට සහ වි ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගොවින්ට ලබාදිමට කටයුතු කරන බවත් පැවසු මහින්ද අමරවිර මහතා වැඩිදුරටත් කියා සිටියේ තේ වතු සමාගම්වලට අවශ්‍ය රසායනික පොහොර වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මගින් තේ වතු සමාගම් වෙත නිකුත් කරන බවයි.
පළාත් පාලන මැතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්වෙන බවත්, එම මැතිවරණයේදි තමන් නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් දිනවිමට අවශ්‍ය කටයුතු කරන බවයි.
සත්ව ගොවිපොලවල් වැඩිදියුණු කිරිමට කටයුතු කරනවා සේම පෞද්ගලික අංශයේ සත්ව ගොවිපොලවල් දියුණු කිරිමට අවශ්‍ය පියවර ගන්නා බද මහින්ද අමරවිර මහතා කියා සිටියා.
[රංජිත් රාජපක්ෂ – හැටන්]
Hits: 2