හැටන් නගරයේ බිත්තර අලෙවිසැල් රැසක් වසා දමයි – ප්‍රදේශයේ බිත්තර හිගයක්

රංජිත් රාජපක්ෂ - හැටන්

0 21

රජය මගින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 50ක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ පාරිභෝගික සේවා අධිකාරිය මගින් වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙලදුන් සොයා වැටලිම් සිදු කරන නිසා හැටන් නගරයේ බිත්තර වෙලදසැල් රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

බිත්තර වෙලදසැල් විවෘත කර ඇති වෙලදසැල් හිමියන් කියා සිටින්නේ තමන් රු 52  තොග මිලකට බිත්තර මිල දි ගෙන පාරිභෝගිකයන්ට රු 50 සිල්ලර මිලකට බිත්තර අලෙවි කරන බවයි.

තම පාරිභෝගිකයන්ට බිත්තර අලෙවි කිරිමේ  අරමුණින් බිත්තරයකින් රු 2 ක් පාඩු ලබා බිත්තර වෙලදාම සිදු කරන බවයි.

හැටන් නගරයේ ආපනශාලා හිමියන් කියා සිටින්නේ දිනකට බිත්තර විශාල ප්‍රමාණයක් තම ආපනශාලාවට අවශ්‍ය බවත්, ඒ අනුව හැටන් නගරයේ ඇතැම් බිත්තර අලෙවිසැල් වලින් රු 52 කට සුදු බිත්තරයක් සහ රු 53 ක මිලකට රතු බිත්තර මිල දි ගත් බවයි.

එලඹෙන උත්සව සමයේ බිත්තර හිඟයක් ඇතිවිමේ අවධානමක් පවතින බවද එම ආපනශාලා හිමියන් කියා සිටිනවා.

 

Hits: 0

You might also like
Comments
Loading...