දෙවිනුවර, සිංහාසන මාර්ගයේ ආපන ශාලාවක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ වෙඩි ප්රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි.
ගන්දර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ ඊයේ(28) රාත්රීයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් දෙදෙනා පළා ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් සිදු කළ විමර්ශනයේදී අදාළ ආපන ශාලාව ඉදිරිපිට තිබී ටී-56 වර්ගයේ ජීව උණ්ඩ තුනක් සහ හිස් පතොරම් කොපුවක් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ගන්දර පොලිසිය සිදු කරනු ලබනවා.
Hits: 0