ඇබඩින් ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ තරුණයාගේ සිරුර ගොඩගැනේ

රංජිත් රාජපක්ෂ - හැටන්

0 22

මිතුරෙකුගේ උපන්දින සාදය සැමරීමට නෝටන්බ්‍රිජ් ඇබඩින් දිය ඇල්ලට ගිය තරුණයෙකු ඇළෙහි ගිලි ඊයේ (28) දින අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ඇබඩින් දිය ඇල්ල පාමුල ඇළෙහි අඩි 15 පමණ ගැඹුරින් තිබි අද (29) දින ගොඩගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පවසනවා.

මෙලෙස ඇබඩින් දිය ඇල්ලේ දියනෑමට ගොස් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායේ ඉහළ කොටසේ පදිංචි ක්‍රිෂ්ණන් විනුෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.

දියේ ගිලී ජිවිතක්ෂයට පත් තරුණයා ගිනිගත්හේන නගරයේ සුපිරි වෙලදසැලක වෙළෙද සේවකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවත්, එම වෙලදසැලේ සේවය කරන තවත් සේවකයෙකුගේ උපන් දිනය ඊයේ (28) දිනට යෙදි ඇති නිසා එම උපන් දිනය සැමරීමට එම වෙළෙදසැලේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු සමග ඇබඩින් දිය ඇල්ල අසලට ගොස් දිය නැමට ඇළට බැස ඇති අවස්ථාවේ ඊයේ (28) උදැසන 11 ට පමණ ක්‍රිෂ්ණන් විනුෂාන් දියේ ගිලි අතුරුදහන් වූවා.

ඇබඩින් දිය ඇල්ල පාමුල දියේ ගිලි අතුරුදහන් වු තරුණයාගේ සිරුර සොයා ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණද ඇබඩින් දිය ඇල්ල පාමුල විශාල ගැඹුරකින් යුක්ත නිසා සිරුර සොයා ගැනිමට නොහැකි වූවා.

එම නිසා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් , ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව අද (29) සිදු කල මෙහෙයුමකින් සිරුර සොයාගැනිමට හැකි වූ බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

ගිනිගත්හේන පොලිසිය පැවසුවේ ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි.

Hits: 1

You might also like
Comments
Loading...