වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ඇඟලුම් සේවිකාවක පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.
34 වැනි වියෙහි පසුවූ එක් දරු මවක් වූ අදාළ කාන්තාව සේවය නිම කර යළි නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඇය ගමන්ගත් බසය නවතා මෙසෛ් පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
පැහැරගැනීමට පැමිණි මෝටර් රථයේ අංකය ව්‍යාජ එකක් බවට කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
වතුපිටිවල, වල්ගම්මුල්ල ප්‍රදේශයේදී මෙම පැහැරගැනීම සිදුව ඇති අතර මේ වන විට ඇගේ ජංගම දුරකතනය ද විසන්ධි වී ඇති බවයි වාර්තා වන්නේ.
Hits: 2