මාවනැල්ල, ඉහළකෝට්ටේ, මාකෙහෙල්වල ප්රදේශයේදී තම පුතා විසින් තියුණු පියා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ තියුණු ආයුධයකින් පහරදීමේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මාකෙහෙල්වල ප්රදේශයේ පදිංචි වයස අවූරුදු 45ක් පමණ පුද්ගලයෙක් මෙලෙස ඝාතනය ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මියගිය පුද්ගලයා සහඳබිරි අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මියගිය පුද්ගලයාගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී තම පියා ඝාතනය කර ඇති බවට පොලිසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෘතදේහය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 20ක් වූ සැකකරු (මරණකරුගේ පුතා) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Hits: 1