යාපනයේ හෝටලයක නැවතී සිටි අයෙක්ට තියුණු ආයුධගත් කල්ලියකි ප්‍රහාරයක්

රොමේෂ් මධුෂංක - වන්නි

0 16

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයටකට ඇතුලු වූ නාඳුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් සිදුකල පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා පසුගිය පළමු වැනිදා රාත්‍රියේ රෝහලගත කල බවට යාපනය පොලීසිය පවසනවා.

නල්ලූර් කෝවිල් මාර්ගයේ පිහිටි අදාල පෞද්ගලික හෝටලයට පාපැදි දෙකකින් මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 6 දෙනෙකු ඇතුලු වී හෝටලයේ සිටි තරුණයෙකුට තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇති බවට අනාවරනය වනවා.

කෙසේ වෙතත් පහරදීම සිදුකල අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර පහරකෑමට ලක් වූ යාපනය පණ්ඩෙයිතිරිප්පු ප්‍රදේශයේ පදිංචි 21  හැවිරිදි තරුණයෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

අදාල පහරදීම කිසියම් පෞද්ගලික හේතුවක් මත සිදුකරන්නට ඇතැයි සැක පල කරන අතර පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත්  පවසනවා.

 

Hits: 4

You might also like
Comments
Loading...