59 වන ජාතික ජුඩෝ ශුරතාවලියේ සමස්ත කාන්තා පිරිමි ශූරතා යුද හමුදාවට

0 9

ශ්‍රී ලංකා ජුඩෝ සංගමය විසින් සංවිධානය කල 59 වන ජාතික ජුඩෝ ශුරතාවලිය (07) සහ (08) දෙදින තුල නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

මෙම ශුරතාවලිය පිරිමි තරගකරුවන් සඳහා කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 100 ට වැඩි බර පන්තිය දක්වාත්, කාන්තා තරඟකාරිනියන් සදහා කිලෝග්‍රෑම් 44 සිට කිලෝග්‍රෑම් 78 බර පන්ති දක්වාත් සියලු බර පන්තිය යටතේ දිවයින පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට අධික පිරිසක් මෙම තරඟාවලියේ සඳහා සහභාගී වි සිටියා.

මෙම ශුරතාවලියේදි දක්ෂතම ක්‍රීඩිකාව ජේ. ජයවීර (ගුවන් හමුදාව), දක්ෂතම ක්‍රීඩකයා ආර්.සී.එන්. ධර්මවර්දන (ගුවන් හමුදාව), කණිෂ්ඨ කාන්තා ශුරතාවය වික්‍රමබාහු (24), කනිෂ්ඨ පිරිමි ශූරතාවය වික්‍රමබාහු (44) , සමස්ත කාන්තා ශූරතාවය යුද හමුදාව (33 ½) සමස්ත පිරිමි ශූරතාව යුද හමුදාව (54 ½) වශයෙන් දිනාගනු ලැබුහ.

මෙම ශුරතාවලියේ ආරාධිතයන් වශයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මධ්‍යම පළාත) නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, මේජර් ජනරාල් එම්. වීරසිංහ (සභාපති යුධ හමුදා ජූඩෝ කමිටුව ) යන මහතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Hits: 0

You might also like
Comments
Loading...