පොහොට්ටු ප්‍රබලයින් රැසක් එක්ව අලුත් සන්ධානය්ක – නිදහස් පක්ෂයේ ලකුණත් වෙනස් වෙයි

0 7

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ රැසක් සමග එක්ව නිදහස් ජනතා සන්ධානය නමින් පහන ලකුණ යටතේ මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සාකච්ඡා කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන් වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව ලංකා සමසමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්ෂ රැසකින් යුත් විමල් වීරවංශ මහාත සභාපතිත්වය දරන උත්තර ලංකා සභාගය, ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ මෙන්ම තවත් කණ්ඩායම් රැසක් හා එක්ව නිදහස් ජනතා සන්ධානය යටතේ තරක කරන බවද ඔහු සඳහන් කළා.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උතුරු නැගෙනහිර පළාත් සඳහා අත ලකුණ යටතේ වෙනම තරග කිරීම නියමිත බවද වාර්තා වනවා.

 

Hits: 2

You might also like
Comments
Loading...