පෙබරවාරි මස පළමු වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
මෙතෙක් රුපියල් 370ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 400ක්.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගයන්හි මිල ගණන් නොවෙනස්ව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 510කටත් ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 405කටත් අලෙවි කෙරෙනවා.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ඩීසල් ලීටරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 510කටයි.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 355කටත් ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 464කටත් අලෙවි කෙරෙනවා.
මේ අතර ලංකා IOC සමාගමද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 370ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් තිහකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 400ක්.
Hits: 2