“හාමිනේ,…. අර සුදු ගැණු දැරිවි අපේ විජිත් ගාව ගැවසුනා වැඩියි නේද,…”.

වැලන්ටයින් දිනයේදී විජිත් විජයමුණි සොයිසා තැබූ අපුරූ ෆේස්බුක් සටහන

0 9

පෙබරවාරි මස 14 වැනිදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් හිටපු අමාත්‍යවරයකු වන ගාමිණි විජිත් විජයමුණි ද සොයිසා මහතා අපූරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

එම සටහන පහතින් ……..

 

සුභ ආදරවන්තයන්ගේ දිනයක් වේවා ඔබ සැමට

ආදරය අපි සැමට අත්‍යාවශ්‍ය දෙයක්. වයස් භේදයකින් තොරව අපි සැවොම ආදරයට ආදරෙයි.
මේ ඉන්නේ මගේ ආදරවන්තිය “නයෝමී”

අපේ ආදර කතාව දශක තුනක් විතර පරණයි. ඔය හැමොටම වගේ අපේ ආදර කතාවටත් බාදා එමටව තිබුනා.
අන්තර්ජාතික මැණික් ව්‍යාපාරිකයෙකු වු මගේ පියාගේ ආභාශයෙන් රට පුරා මැණික් සොයා ගිය ගමනේදී බිබිලේදි මට මගේ ජීවිතයේ එතෙක් මෙතෙක් හමුවු වටිනාම මැණික වු නයෝමී හමු වුනා.

තාත්තාගේ පතල් බලංගොඩ, ඇහැලියගොඩ, ඇලහැර, බිබිල දොරපොත කන්ද ආදී රට වටේ සැම තැනම තිබුනත් මගේ හිත වැඩිපුරම ගියේ බිබිල පතල් වලටයි. ටික කලකින් තාත්තාගේ දොස් මුරය ආවේ “උඹ අනෙක් තැන් වල ඇති පතල් වැඩ එච්චර බලන්නේ නැතැයි” කියාය.

නයොමි නිසා මටත් වැඩි පුර බිබිලේ ඉන්න ඕන හන්දාම මමත් තාත්තා කැමති කරවාගෙන අපේ මැණික් සන්නාමය වන “සුසිරි ජෙම්ස්” ශාඛාවක් බිබිලේ ආරම්භ කලේ මැණික් මිලදී ගැණිමටයි. අදටත් “සුසිරි ජෙමස්” ශාඛාවන් චීනයේ ශැන්ග්හායි නගරයේත් මැඩගස්කරයේත් ඇත.

මේ “සුසිරි ජෙම්ස්” නම ලැබුනේ මගේ පියාගෙනි. අවිස්සාවේල්ල හිටපු නගරාධිපතිවරයා වු ඔහුගේ නම “විජයමුණි සුසිරිපාල ද සොයිසා” ය.

“සුසිරි ජෙම්ස්” බිබිල ශාඛාව විවෘත කිරිමට එකල ලංකාවේ නම ගිය සියලුම මැණික් ව්‍යාපාරිකයන් පැමින සිටියහ.
මේ සියලු වැඩ වලට මට එදා නොමද සහයක් දුන්නේ නයොමියි.

උත්සවය අවසන නැවත අවිස්සාවෙල්ල බලා තාත්තාගේ පර්ජෝ 504 කාරයෙන් යද්දි තාත්තා අම්මාට කියා ඇත්තේ මෙසේය,.

“හාමිනේ,…. අර සුදු ගැණු දැරිවි අපේ විජිත් ගාව ගැවසුනා වැඩියි නේද,…”.

“කිත්සිරිවවත් ගෙනත් තියන්ඩ වෙවි මෙහෙන්” යනුවෙනි.

දුරකතන ඉතා හිඟ එකල අවිස්සාවේල්ල නගරයටම තිබු එකම දුරකනය වු අපේ මොටර් රථ උපාංග අලෙවි කල ව්‍යාපාරය වු “ස්වස්ථික මොටර්ස්” හි දුරකතනය වු 2309 අංකයෙන් මෙ බව මට අවිස්සාවේල්ලට ගිය සැනින් කොල් කර කිවේ තාත්තාගේ රියදුරු මාතුපාලයි.

ටික දිනකින් මාගේ මස්සිනා වු කිත්සිරි අය්යා පැමිණියේය. දැන් කිත්සිරි අය්යා ඔස්ට්‍රේලියාවේ University of New South Wales හි මහාචාර්ය වරයෙකි. එකල ඔහු අපේ සුදු නංගි රොහිණි හා විවාහ වු අලුතය.

දැන් කිතසිරි අය්යා සිටින සිටින නිසා මගේත් නයොමිගේත් ආදර කතාවට කොමා වැටෙන්නට පටන් ගැණින.
මගේ අදහස් තෙරැම් ගත් කිත්සිරි අය්යා ටික දිනකින් අපේ ආදර කතාවේ “supporter” විය. එසේම ටික දිනකින් අවිස්සාවේල්ලට ගොස් ටිකක් සැර පරුශ කෙලින් මිනිහෙකු වු මගේ පියාගෙන් අපේ ආදර කතාවට අවසරයද රැගෙන දුනි.

1989 දි මා මුලින්ම පාර්ලිමේන්තු ජන්දය ඉල්ලන විට ජනතා විමුක්ති පෙරමුණේ භීශනය ඉතා දරුනු යුගයකි. එකල ජන්දය ඉල්ලන්න තියා ජන්දය දාන්නවත් දුන්නේ නැති යුගයකි.

ජන්දය දාන පලමු පස් දෙනා මරණ බවට ලිඛිතවම සියලු ගෙවල් වලට ජනතා විමුක්ති පෙරමුණ විසින් මරණ වරෙන්තු ලබා දි තිබින. ජවිපේ භීශනය නිසාම ජන්ද මධ්‍යස්ථාන අහොසි කොට පොකරු ජන්ද මධ්‍යස්ථාන ඇති කොට තිබින.

ජන්දය දා දහස් ගනනක් පාක්ෂිකයන් මගේ ගෙදරට රැස්වුයේ ජන්ද පොලට යැමට ඇත භිය හේතුවෙනි.
එදා නයොමිත් මමත් අත් දෙක අල්ලාගෙන මුලින්ම ජන්ද පොලට ගොස් ජන්දය ප්‍රකාශ කලේ “මරණවනාම් මරපං” යන හැඟිමෙනි.

අපෙන් පසුව මුලු මොණරාගලම පොලිමේ ගොස් තමන්ගේ පරම අයිතිය වු ජන්දය පාවිච්චි කලහ.
දේශපාලනයේදි ජය පරාජය එකසේ ගැණිමට පැරුදු වියයුතුය. ජයග්‍රහණයෙදි මෙන්ම පරාජයේදිත් මා සමග එකටව සිටි සෙවණැල්ල “නයොමීය”.

මට ආදරණිය පුතුන් තිදෙනෙකු බිහිකර දුන් දිරිය මවද “නයොමි”ය. දැන් ඔවුන් ලොකු මිනිසුන්ය. ලොකු පුතා උදාර ශ්‍රි ලංකා නීති විද්‍යාලයෙන් බිහිවු නීතිඥයෙකි. දෙවන පුතා හඳුන් මගේ ව්‍යාපාර කටයුතු බලා ගන්නා අතර තෙවන පුතා අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකි.

“හැට පැන්නත් වඳුරා බිමින් ගමන් නොයයි” කීවාසේ අපේ ආදර කතාවද බාදා මැදින් අදටත් දළු ලා වැඩෙයි.
අද ආදර වන්තයන්ගේ දිනයේදි මගේ valentine වු නයොමිටත්, ආදරයට ආදරය කරන ඔබ සැමටත් Happy Valentine’s Day

#සැරට_කතාකරන_වැරට_වැඩකරන #විජයමුණි_සොයිසා #ගම්පහ_දිසාව #කටාන #Katana #Gampaha_District
#විජයමුණි_සොයිසා

Hits: 0

You might also like
Comments
Loading...