පාසල් සිසුන්ට මත් පෙති විකිණූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

0 19

පාසල් සිසුන් ඉලක්ක කර විකිණීමේ අදහසින් මත් කරල් ළඟ තබා ගත් බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුකට අනුව බදුල්ල, මුතියංගනය පන්සල ඉදිරිපිට වටරවුම අසලදී කරන ලද වැටලීමකදී සැකකාර වෛද්‍යවරයා ඊයේ(14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි දයාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.ආර්.ඒම්.ඒස්. හේමවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

නීති විරෝධී මත්පෙති සහ ගංජා පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන තරුණ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් මෙම වැටලීම සිදු කළා.

එහිද නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මත් කරල් 145ක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටි මයිලගස්තැන්න බදුල්ල ප්‍රදේහයේ පදිංචි 44 හැවිරිදි බදුල්ල මහ රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර වෛද්‍යවරයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

 

Hits: 11

You might also like
Comments
Loading...