බගවන්තලාවට තද වැසි පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි

රංජිත් රාජපක්ෂ - හැටන්

0 7

බගවන්තලාව ප්‍රදේශයට ඊයේ (11) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ග අතුරු මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වූවා.

ඊයේ(11) දින පස්වරු 3 ට පමණ ඇද හැලුණු අධික වර්ෂාව පැය දෙකකට ආසන්න කාලයක් පැවති බවයි බගවන්තලාව ප්‍රදේශවාසින් පවසන්නේ.

පසුගිය මාස කිහිපය තුල බගවන්තලාව ප්‍රදේශයේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍ර සිඳීයාමෙන් පානිය ජල ගැටළුවක්ද මතු ව තිබුණි.

පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තේ වගාවට මෙන්ම එලවළු වගාවට දැඩි බලපැමක් එලල් වූවා.

Hits: 2

You might also like
Comments
Loading...