නිවාඩු නිකේතනයට මුවාවී ගණිකා නිවසක් පවත්වාගෙන ගිය සැකකරුවන් අත්අඩංගුවට

0 792

නිවාඩු නිකේතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (31) පෙරවරුවේ මෙම වැටලීම සිදු කර ඇත්තේ පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත වැටලීම සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. වැටලීම සිදු කරන අවස්ථාවේදී ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගණිකා වෘත්තිතයේ නියැලීමට රැඳී සිටි බව කියන කාන්තතාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත්ත සැකකරුවන් සහ සැකකාරියන් 47, 38, 29, 25, 38 යන වයස්වල පසුවන කඩවත, කොළඹ 15, හබරාදූව, ජාඇළ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ පදිංචිකාරියන් වනවා.

සැකකරුවන් සහ සැකකාරියන් අද(01) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

 

You might also like
Comments
Loading...