2019 උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමට පාසල් හතරක් සම්පූර්ණයෙන් වසා දැමේ
2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගැනෙන පාසල් 28න් කොළඹ 10 ආනන්ද විද්‍යාලය, මාතර, වල්ගම මහානාම මහා විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කුරුණෑගල ලක්දාස් ද මෙල් මහා විද්‍යාලය යන විද්‍යාල හතර සැප්තැම්බර් මස 15 වන ඉරිදා සිට ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා දක්වා සම්පූර්ණයෙන්ම වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම විද්‍යාල හතර ඔක්තෝබර් මස 02 වන බදාදා දිනයේ යළි විවෘත කරනු ලබන අතර අනෙක් පාසල් 24හි පාසලේ කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙන්නේ.
අදාළ ඇගයීම් සිදු කෙරෙන පාසල් නාම ලේඛනය පහතින් දැක්වේ.
Hits: 4