රාජගිරියේ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට යොදා ගන්න කියලා මම කිව්වේ නෑ

අගමැති ජනපති පරීක්‍ෂණ කොමිසම හමුවේ කියයි

0 1,781

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ල යොදාගන්නා ලෙස තමා උපදෙස් ලබානොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කොමිසම වෙත පැමිණි අගමැතිවරයා පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි ලබාදුන් බවයි වාර්තා වන්නේ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නද ප්‍රශ්නකාරී ගොඩනැගිල්ල සම්බන්ධයෙන් උපදෙස් ලබා නොදුන් බවයි.

අදාළ ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා අගමැතිවරයා උපදෙස් දුන් බව එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වු දුමින්ද දිසානායක මහතා කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් ඇති අතර අද පස්වරුවේ යළි ප්‍රකාශ ලබාදීමට නියමිතයි.

You might also like
Comments
Loading...