දක්‍ෂිණ අධිවේගයෙන් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් ගංජා ප්‍රවාහනය කළ මෝටර් රථයේ හිමිකාරිණිය රිමාන්ඩ්

0 301

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මෝටර් රථයකින් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා තොගයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් එම රථයේ හිමිකාරිය ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාරිය බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පසුගිය සෙනසුරාදා(14) බද්දේගම පිවිසුමෙන් පිටවූ මෙම මෝටර් රථය පිළිබඳ සැක සිතී එහි පොලිස් නිලධාරින් එම මෝටර් රථයට නතර කරන ලෙස සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර තිබුණා.

අනතුරුව, මෝටර් රථයේ අංකය පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ එය බද්දේගම පිවිසුමෙන් අණ නොතකා ධාවනය කළ ගෝනපීනුවල – මාජුවාන – කේරදේවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකට අයත් එකක් බවයි.

පසුව ඊයේ නිවසට පැමිණි අවස්ථාවේදී සැකකාරිය අත්අඩංගුවට ගත් අතර, ඇය පොලීසියට සඳහන් කර ඇත්තේ තමා අදාළ මෝටර් රථය තවත් පුද්ගලයෙකුට කුලියට ලබාදුන් බවයි.

Hits: 1

You might also like
Comments
Loading...