තෛපොංගල් දිනය අද

0 525

”අස්වැන්න නෙලීමේ උත්සවය” යන අරුත් දෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද සමරනු ලබනවා.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ ”උතුරා යාම යන්නයි.

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකනනවා.

හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කිරීම දැක ගත හැකියි.

මේ අතර, තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා සදහන් කළේ තෛපොංගල් දින වන්දනාවට පාත‍්‍රා වන සූර්යයා ජීවිතයට ශක්තියත්, ගනඳුරු දුරුලන ආලෝකයත් වන්නේ යම් සේ ද උත්තරීතර මානුෂීය ගුණාංගවලින් ජනතාවගේ ජීවිතය ද ප‍්‍රභාමත් වේවා යි ප‍්‍රාර්ථනය කරන බවයි.

ජාතීන් අතර ඇති දුරස්ථ බව අවම කැරගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කැරගැනීමට තෛපොංගල් වැනි වර්ණවත් උත්සව මනා පිටිවහලක් වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

මේ අතර, කතානායක කරූ ජයසූරිය මහතා ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ සිංහල හින්දු අළුත් අවුරුදු චාරිත‍්‍ර හා තෛපොංගල් චාරිත‍්‍රයන්හි සමිප බව තුළින් ලබා දෙන අතිශය වැදගත් පණිවුඩය නම් ජාතින් ආගම් වශයෙන් වන පටු සීමාවන් අතික‍්‍රමනය කළ එකම පොදු මූලයකින් සිංහල දමිල ජනතාව බැඳි සිටින බව යන්නයි.

එබැවින් අප අතර සහෝදරත්වයේ බැඳීම අන්‍යෝන්‍ය ගෞරවය හා අවබෝධය තහවුරු කීරිමට තෛපොංගල් උදාව වැදගත් ප‍්‍රවේශයක් සපයනු ලබන බව ද කථානායකවරයා කියා සිටියා.

You might also like
Comments
Loading...