වෑන් රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
කුරුණෑගල – නයිලිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති හරස් මාර්ගයේ දී වෑන් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී තරුණයෙකු මියගොස් ඔහුගේ සොහොයුරිය බරපතල තුවාල ලබා ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු පැවසුවේ.
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ අදාළ වෑන් රථය ගැටී ඇති බව සදහන්.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙක්.
වෑන් රථය, දුම්රිය සංඥා නොතකමින් ධාවනය කර ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
Hits: 2