නිවසෙන් පළා ගිය කොවිඩ් ආසාදිත තරුණයා මාකොළ නිවසකින් හමුවෙයි

0 2

පුගස්කන්ද , දේවාල ප්‍රදේශයේදී පලාගිය කොවිඩ් ආසාදිත තරුණයා මාකොළ ප්‍රදේශයේ නිවසක සිටියදී සොයා ගැනුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

අදාළ තරුණයා තවත් කාන්තාවක සමග මාකොළ ප්‍රදේශයේ නිවසේ සිටියදී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

22 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට පසුගියදා ඉන් නිදහස් ලබා පැමිණි අයෙක් වනවා.

මෙම තරුණයා නිවසේ නිරෝධායනයට යොමු කර සිටියදී පලාගොස් තිබූ අතර අදාළ තරුණයා සපුගස්කන්ද, මාකොළ, උතුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ. 

 


තවත් කොවිඩ් රෝගියෙක් නිවසින්ම පළා යයි [Dec 27, 2020 at 08:56]

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු වන මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නමැත්තා සොයා ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

පොලිසිය කියා සිටියේ කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් එම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බවයි.

ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටිනවා.

මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බවත් ඔහු එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවත්පො ලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

You might also like
Comments
Loading...