වනජිවි ඇමතිගේ නිල රථයේ ගැටි පුද්ගලයෙකු මරුට
දෙදෙනෙකු රෝහලේ
කහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබු කාන්තාවක් හා දැරියක් බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර ඊයේ (16) රාත්‍රී 7.35 ට පමණ සිදුව තිබෙනවා.
අනුරාධපුර දෙසට ධාවනය වු ඉඩම්, පරිසර, වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ගමන් කල සුඛෝපභෝගී නිල රථයේ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා දැරියක් කහටගස්දිගිලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි පවසන්නේ.
තුවාලකාරිය හා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
වයස අවුරුදු 35ක්වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වන පී. රංජන් කුමාර නමැත්තෙක් අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. අනතුර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඡායාරූප Accident 1st ෆේස්බුක් පිටුවෙනි.
Hits: 1