රිලා රංචුවක් නිසා මස්කෙළිය නගරවාසීන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැඩි අසීරුතාවක

0 36

රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතළු නගරවාසීහූ දැඩි අසිරුතාවකට පත්ව තිබෙනවා.

මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම් හල අසල පදිංචි ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසින් රිළා උවදුර සම්බන්ධව අප සමග මේ බව කියා සිටියා.

රිළවුන් 20 කින් පමණ සමන්විත මෙම රංචුව දෛනිකව දිවා කාලයේ තම වෙළඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට පැමිණ එහි ඇති පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යාම සිදු කරන බවත්, ආපන ශාලා තුලට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස කඩා පනින මෙම රිළවුන් පාරිභෝගිකයින් ආහාර ගනිමින් සිටින අවස්ථාවලදී එම ආහාර ද්‍රව්‍ය රැගෙන යාම නිසා තමන් හා ආපන ශාලා තුලට පැමිණෙන ජනතාවද දැඩි බියකින් පසුවන බවත් කියා සිටිනවා.

රිළවුන් විසින් තම ගෙවතුවල ඇති වගාවන් සියල්ල විනාශ කර දමන බවත්, සතුන් පලවා හැරීම සිදු කරන අවස්ථාවේ රිළවුන් තමන් සපා කෑමට උත්සාහ කිරීම හේතුවෙන් කුඩා දරුවන් හා නිවැසියන් දැඩි බියකින් පසුවන බවද ඔවුන් පවසනවා.

මෙම රිළා චංචුව සම්බන්ධව නල්ලතන්නිය වනජීවී කාර්යාලය වෙත කීපවරක් දැනුම්දීම් කළද මේ දක්වා විසඳුමක් ලබා දී නොමැති බවද ඔවුන් පවසනවා.

මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව හා නගරවාසීහු වැඩිදුරටත් වගකිවයුත්ගෙන් ඉල්ලා සිටින්නේ, රිළා රංචුව කඩිනමින් රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගන්නා ලෙසයි.

මේ සම්බන්ධව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ අඩවි වන ආරක්ෂක සුභාෂ් කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ, රංචු වශයෙන් ගැවසෙන රිළවුන් ඇල්ලීම සඳහා ක්‍රමවේදයක් පවතින බවත්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක වන “වනජීවි මිතුරු කමිටු” සමිතිය මගින් එම ක්‍රියාවලිය සංවිධානය කර අප වෙත දැණුම්දීමෙන් පසුව තාක්ෂණික දැනුම ලබාදී වන ජීවි නිලධාරින් විසින් මෙම රිළවුන් රංචු අල්ලා අදාල රක්ෂිත ප්‍රදේශවලට මුදා හරින බවයි.

මෙම ක්‍රියාවලිය සම්බන්ධව මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාවට හා ජනතාවට දන්වා ඇති බව සුභාෂ් කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...