බස්නාහිරෙන් පිටවෙන්න ගිය 41කට කොවිඩ් – කොළඹ තවත් ප්‍රදේශයක් හුදකලා කෙරේ

0 4

ස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව මේ වන විට එම පරීක්ෂණවලින් පුද්ගලයන් 41 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එබැවින් අදාළ පරීක්ෂණ සඳහා මහජනයාගේ පූර්ණ සහය අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කොවිඩ් 19 පැතිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ 09 වේළුවන පාර ප්‍රදේශය හුදෙකලා කර ඇති බවද පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එසේම දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාම සේවා වසම්, වීදි කිහිපයක් සහ මහල් නිවාස හුදකලා කිරීම් තවදුරටත් බලාත්මක බවයි.

එසේම කොළඹ උතුර සහ මැද කොළඹ පොලිස් බලප්‍රදේශ 9ක් සහ කොස්ගම, අවිස්සාවේල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බලප්‍රදේශ හුදකලා කිරීමට අදාළ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝණය කිරීම, මුඛ ආවරණ නොපැළඳීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙම වැරදි සම්බන්ධයෙන් මේවන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 1860ක් පමණ වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

You might also like
Comments
Loading...