අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 16 දෙනෙක්

0 4

[රංජිත් රාජපක්ෂ –  හැටන් ] ඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යටතේ පාලනය වන පොලිස් බලප්‍රදේශ 7 ක කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනෙකු (26) දින හඳුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.

අඹගමුව, මස්කෙලිය සහ බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන 02, වටවල 02, හැටන් 01, නොර්වුඩ් 04, නෝටන්බ්‍රිජ් 02, මස්කෙලිය, 04, නල්ලතන්නිය 01 වශයෙන් ආසාදිතයන් හමු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතු යායේ පහල කොටසින් එකම පවුලේ අවු 13 – 15 පාසල් සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවත්, එම පාසල් සිසුන් දෙදෙනාගේ පියා කොවිඩ් 19 වෛරසය ආසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය යොමු කර ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා කියා සිටියේ.

ආසාදිත පාසල් සිසුන් දෙදෙනා නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 8 සහ 10 වසරඅවල අධ්‍යාපනය ලබන බවත්, එම සිසුන් දෙදෙනා ඉකුත් 04 දිනයෙන් පසු පාසල වෙත ගොස් නොමැති බවටද තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත පාසල් සිසුන් දෙදෙනා පදිංචි වතු නිවාස පේලියේ පවුල් 15 ක සාමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කල බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු ආසාදිතයන් 16 දෙනා පෙර ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් සහ ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස පි.සි.ආර්. පරික්ෂණයකට භාජනය කළ අය බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු 16 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට නියමිතයි.

You might also like
Comments
Loading...