සේනා දළඹු උවදුර විමර්ශනයට ජනපති වගා බිමට යයි [Photos]

0 1

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බලා තිබෙනවා.

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිනවා.

මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවයි ගොවීන් ජනාධිපතිවරයා සමගින් කියා සිටියේ. 

වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් ඒහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා. 

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳ ගොවීන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රසාදය පළ කළා.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ද ජනාධිපතිවරයා සමග මෙම අවස්ථාවට එක්ව සිටියා. 

 

You might also like
Comments
Loading...