උතුරේ සිට දකුණට එවීමට සැලසුම් කල ලක්ෂ 30 ක කේරල ගංජා අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 100

කොළඹට ප්‍රවාහනය කිරීමට සඳහා සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 30ක් වටිනා කේරළ ගංජා කිලෝ 18 ක් සමඟ සැකකරුවෙකු ඊයේ (19)  යාපනය, මරදන්කේණි හීදි අත්අඩංගුවට ගත් බව යාපනය සුරාබදු කාර්යාලය පවසනවා.

මත්ද්‍රව්‍ය බෙදාහරින පුද්ගලයකු පිළිබඳ යාපනය සුරාබදු නිලධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවෙකු විසින් රහසිගත ලෙස යතුරු පැදියකින්  අදාල  කේරළ ගංජා රැගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගත් බවට සුරාබදු නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියා.

ඉන්දියාවේ සිට මෙම කේරළ ගංජා රැගෙනවිත් ඇති බවට සැක පල කෙරෙන අතර  යාපනයේ සිට මෙම කේරළ ගංජා තොගය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා යතුරුපැදියෙන් කිසියම් ස්ථානයකට රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් අත්අඩංගුවට පත් සැකකරු යාපනයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු බවටද සුරාබදු කාර්යාලය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු පේදුරුතුඩුව පොලීසිය මාර්ගයෙන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද යාපනය සරාබදු නිලධාරීන් වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...