ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 41,603ක් දක්වා ඉහළට

0 2

තවත් ආසාදිතයන් 549 දෙනෙකු අලුතින් අද දිනයේදී තහවුරු වීමත් සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වන විට 41,603ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා.

ඒ අනුව මේ වන විට ඉන් ආසාදිතයන් 33,221 දෙනෙක් සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයන් 8,188 දෙනෙක් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර අද දිනයේදීද කොවිඩ් ආසාදිත තවත් මරණ තුනක් වාර්තා වූ අතර ඒ අනුව කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 614 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එම ඒකකය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 1,204,350ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You might also like
Comments
Loading...