තවත් කොවිඩ් මරණ තුනක් – සමස්තය 194ක් දක්වා ඉහළට

0 5

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 194ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ තුනක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙලෙස මියගොස් ගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ කාන්තාවකි.

දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පසුගිය 24 වන දින කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

අ දාළ මරණයට හේතුව ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ ලේ විෂවීම සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි.

තෙල්දෙණිය ප්‍රදේශයේ 83 හැවිරිදි පිරිමි පුද්ගලයකුද මියගොස් තිබෙනවා. මහනුවර මහ රෝහලේ සිට තෙල්දෙණිය මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද(28) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයකි.
මේ අතර කළුතර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද මියගොස් තිබෙනවා.

අදාළ කාන්තාව පසුගිය 22 වනදා කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් සිට තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය සමග ලේ විෂ වීම මරණයට හේතුව ලෙසින් සඳහන් වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...