උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි

0 8

උඳුවප් පුර පසළොස්වක පොහොයට අදට යෙදී තිබෙනවා.

කැලන්ඩර් වර්ෂයේ අවසාන මාසයේදී යෙදන මෙම උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය ලාංකික බෞද්ධ ජනතාවට අතිශය වැදගත් පොහොය දිනයක් බවටයි බෞද්ධ ඉතිහාසයට අනුව සැලකෙන්නේ.

දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාකාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනකයි.

මෙරට මෙහෙණි සාසනය ආරම්භවිම ද උඳුවප් පොහොය දිනක සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අද(29) සිට ආරම්භ වනවා.

පුරා සය මාසයක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයෙන් නිමාවට පත් වීමට නියමිතයි.

 

You might also like
Comments
Loading...