ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ජීවිතක්ෂයට පත්වෙයි

0 2

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ඊයේ (29) කළුතර නාගොඩ රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට වයස අවුරුදු 117ක් වූ ඇය නමින් වේලු පාප්පානි නම් විය.

කළුතර, දොඩංගොඩ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි පාප්පානි මාතාව මෙරට වයස්ගතම කාන්තාව ලෙසින්ද සැලකුණා.

දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පාප්පානි මාතාව 1903 මැයි මස 03 වන දින උපත ලබා තිබෙනවා.

වැඩිහිටියන් සඳහා රජය නිකුත් කරනු ලබන වැඩිහිටි හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබෙනවා.

2019 වර්ෂයේ ඔක්තෝබර් 01 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනය දා මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් ඇය වෙත සහතිකයක්ද පිරිනමා තිබෙනවා.

ඒ වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව මගින්.

අවුරුදු 117ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්වූ පාප්පානි මාතාව දෙදරු මවක් වනවා.

වේලු පාප්පානි මාතාව 117 වැනි වියේ පසු වුවද ඉතාමත් නිරෝගී දිවියක් ගත කළ බවයි දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය කියා සිටින්නේ.

පාප්පානි මාතාව ගැන අන්තර්ජාලයට එක් කර තිබූ වීඩියෝවක් පහතින් දැක්වේ. 

 

You might also like
Comments
Loading...