පොලිස් නිලධාරියාගේ ගිනි අවිය පත්තු වී හිමි නමක් අපවත් වෙති

අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට

0 702

හුංගම, දෙනිය ප්‍රදේශයේ නිවසක පැවැති දානමය පුණ්‍යකර්මයක් සඳහා වඩිමින් සිටි ස්වාමීන් වහන්සේලා රැගත් වෑන් රථයකට දෙනිය බොලටියාය හන්දිය ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 22 හැවිරිදි හිමිනමක් අපවත් වී තිබෙනවා.

තංගල්ල සහකාර පොලිස් අධිකාරි රත්නවීර එල්. අඩස්සූරිය මහතා පවසන්නේ හුංගම පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදිකරුවෙක් පසුපස ලුහුබඳිමින් පැමිණ ඇතිත බවත් එම සැකකරු දෙනිය බොලටියාය හන්දිය අසලදී නතර කරගෙන ඇති බවත්ය.

එහිදී පොලිසිය සහ යතුරු පැදිකරු අතර පොර බැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ පොලිස් නිලධාරියකු සතුව තිබූ ගිනි අවිය පත්තුවීමෙන් අසලින් ගමන් කරමින් තිබූ ස්වාමීන් වහන්සේලා රැගත් වෑන් රථයට වෙඩි වැදී ඇති බවත් වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපත් වී ඇති බවත් දැනට සිදු කරන ලද මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

වෙඩි වැදීමෙන් අපවත් වී ඇත්තේ  හාතාගල පුරාණ රාජමහා විහාරයේ වැඩ විසූ  බුත්තල උණාවටුනේ සීලරතන (22) හැවිරිදි  හිමිනමක් බවයි පොලිසිය පවසන්නේ.

විශ්වවිද්‍යාල වරම් ලද අපවත්වි වදාල හිමි නම විශ්ව විද්‍යාලයට පිටත් විම සඳහා දහවල් 11 ට පමණ නායක හාමුදුරුවන්ට වැඳ අවසර ලබාගෙන ඇති බවත් දෙනියේ දානමය පිංතමට එක් හිමි නමකගේ අඩුවක් තිබෙන හෙයින් හිමිනමත් වඩින ලෙස නායක හාමුදුරුවන් කල ඉල්ලීමට අනුව අපවත් වූ හිමි නම වැඩිය බවත් හාතාගල පුරාණ රාජමහා විහාරාධිපති  පල්ලේගම ජිනරතන නා හිමියන් පවසනවා.

යතුරු පැදිකරු ඉතා වේගයෙන් දෙනිය මාර්ගයේ වෑන් රථය ඉස්සර කර ගිය බවත් ඊට පසුපසින් පොලිස් යතුරු පැදියක් පැමිණි   අතර යතුරු පැදිය නතර කර පොලිස් නිළධාරින් සමඟ පොර බැදිමින් සිටි බවද එක්වරම ශබ්දයක් ඇසූ හෙයින් වෑන් රථයේ පිටුපස දෙස බලන විට සීලරතන පොඩි හාමුදුරුවො අසල සිටි හිමිනමට ඇලවී යන බව දුටු බවයි පල්ලේගම ජිනරතන  නා හිමියෝ සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිළධාරීන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගැනීම සිදු කරන බවත්, ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව තංගල්ල සහකාර පොලිස් අධිකාරිවරුන් වන රත්නවීර  එල් අඩස් සූරිය හා සනත් අමරසිංහ යන මහත්වරු කියා සිටියා.

 

 

You might also like
Comments
Loading...