ශ්‍රී ලංකාව දෙවන ඉනිම අරඹයි – ලකුණු පහක් ඉදිරියෙන් – කුසල් දෙවන ඉනිමේදීත් බින්දුවට දැවී යයි

0 1

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.
දෙවන දිනයේ නිමාවට පත්වන වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 150ක් ලබාගැනීමට සමත්ව සිටියා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට වඩා මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු පහක් ඉදිරියෙන් සිටිනවා.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157කට සියලුම දෙනා දැවී ගිය අතර දකුණු අප්‍රිකානු පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 302ක් පමණයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් එහිදී Dean Elgar ලකුණු 127ක් ද Rassie van der Dussen ලකුණු 67ක්ද ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර අසිත ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් විය.

දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් දවා ගත්තා.

සිය දෙවන ඉනිමට පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතරක් පමණක් දැවී දෙවන දිනය නිමාවේදී ලකුණු 150ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන නායක දිමුත් කරුණාරත්න ලකුණු 91ක් ලබා සිටින අතර ලහිරු තිරිමාන්න ලකුණු 31කට දැවී ගියා.මේ

අතර නොදැවී පන්දුවට පහර දෙන අනෙක් පිතිකරු වන නිරෝෂන් දික්වැල්ල ලකුණු 18ක් ලබා සිටිනවා.

කුසල් මෙන්ඩිස් මෙම තරගයේ ඉනිම් දෙකේදීම ලකුණු නොලබා දැවී යාම විශේෂත්වයක්.

මිනෝද් භානුක සහ කුසල් පෙරේරා එක ලකුණ බැගින් ලබාගැනීමට සමත් වූවා. Lungi

Ngidi කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර Anrich Nortje එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

තරගය අද පස්වරුවේ තෙවැනි දිනයට ආරම්භ වනවා.

You might also like
Comments
Loading...