රතන හිමි දිවුරුම් දෙයි

0 2

09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.
ඒ රැස්වීම ආරම්භයේදී කථානායකවරයා ඉදිරියේ යි.

2020 අගෝස්තු 05 වනදා පැවති මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූවා.
එය නියෝජනය කරමිනුයි රතන හිමියන් පාර්ලිමේන්තුවේදී අද දිවුරුම් දුන්නේ.

මේ අනුව පසුගිය මහ මැතිවරණයේදී එක් එක් දේශපාලන පක්ෂවලට හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යා අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 224 දෙනෙකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණක් තවදුරටත් පුරප්පාඩුව පවතිනවා.

You might also like
Comments
Loading...