උපත් අනුපාතය ඉක්මවමින් දකුණු කොරියාවේ මරණ අනුපාතය ඉහළට

0 0

දකුණු කොරියාවේ මරණ අනුපාතය මේ වන විට උපත් අනුපාතය ඉක්මවා ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
පසුගිය වසරේ සංඛ්‍යා ලේඛනවලින් ඒ බව පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

දැනටමත් ලොව අඩුම උපත් අනුපාතයක් වාර්තා කරන රට දකුණු කොරියාව බැවින් මෙම තත්ත්වය කෙරෙහි එරට බලධාරින්ගේ දැඩි අවධානයට යොමු වී ඇති බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ.

2020 වසරේදී එරට අපත් 275,815ක් සිදුව ඇති අතර එය 2019 වසර හා සැසඳීමේදී 10%ක පහළ යාමක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය 2020 වසරේදී සිදුව ඇති මරණ සංඛ්‍යාව 307,764ක් වනවා.

You might also like
Comments
Loading...