මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49,000 ඉක්මවයි

0 4

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 49,000 ඉක්මවා තිබෙනවා.
ඒ අද(12) දිනයේ තවත් ආසාදිතයන් 310 දෙනෙක් හඳුනාගැනීමත් සමගින්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 49,259ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

ඉන් මේ වන විට ආසාදිතයන් 42,621 දෙනෙක් සුවය ලබා ඇති අතර මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 240ක්.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 6,398 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

මේ අතර කොරෝනා වෛරස ආසාදිත බවට සැකය මත පුද්ගලයන් 793 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

අද(12) දිනයේ තහවුරු කර ගැනුණු ආසාදිතයන් 310 අතරින් ආසාදිතයන් 302ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවත් සෙසු 8 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 45,496ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab
You might also like
Comments
Loading...