ආගම් ප්‍රචාරණයට පැමිණි පුද්ගලයන් තිදෙනකු අල්ලා ගම්මුන් විසින්පොලිසියට භාර දෙයි

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 1,174

බුත්තල ගෝනගංආර පොලිස් වසමේ වගුරුවෙල ප්‍රදේශයේ නිවසකට පැමිණ ලෙඩ සුව කරන බව පවසා වෙනත් ආගමක් ප්‍රචාරණය කරන බවට සැකපිට පුද්ගලයන් තිදෙනකු අල්ලාගෙන ගෝනගංආර පොලිසියට භාර දීම ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු ගම්වාසීන් විසින් 18 වැනිදා පස්වරුවේ පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් තිදෙනා විසින් ලෙඩ සුව කරන මුවාවෙන් වෙනත් ආගමක් වෙත පුද්ගලයන් බඳවාගන්නා බවට ප්‍රදේශයේ ජනතාවව සැකයක් මතු වී ඇත. පසුව ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේ සහ ගම්වාසීන් විසින් එම පුද්ගලයන් යාගයක් සිදු කරමින් සිටි නිවසක් වෙත ගොස් ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ගෝනගංආර පොලිසිය විසින් එම තිදෙනා පොලිස් භාරයට ගෙන ඇති අතර එම පුද්ගලයන් අවුරුදු දහනවය, විසිඑක සහ හතලිස් තුන යන වයස් වල පසුවන කැප්පෙටිපොළ වැලිමඩ සහ වගුරුවෙල බුත්තල යන ලිපිනයේ පදිංචිකරුවන් පිරිසක් බව ගෝනගංආර පොලිසිය පවසනවා.

එම පුද්ගලයන් මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර මේ සම්බන්ධයෙන් ගෝනගංආර පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

You might also like
Comments
Loading...