හෙරොයින් සමග පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට

0 1,734

හෙරොයින් සමග සැකකරුවන් 8 දෙනෙකු රත්මලාන සහ තලාතුඔය යන ප්‍රදේශවලදී පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරු මත සිදු කරන ලද වැටලීමකදීයි.

ගල්කිස්ස පොලිස් වසමේ සඳුන්ගම රත්මලාන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්හට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 180ක් සන්තකයේ තතබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේත සඳුන්ගම, රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 27ක තරුණයෙකි.
සැකකරු අද (20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර පසුගිය 16 වනදා තලාතුඔය පොලිසිය විසින් තලාතුඔය නැහැනිවෙල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 542ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා සහ සැකකාරියගෙන් එක් සැකකරුවෙක් සහ සැකකාරිය රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කර තිබෙනවා.

එහිදී අනාවරණය කර ගත් තොරතුරු මත තවත් සැකකරුවන් 7 දෙනෙකු ඊයේ(19) හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 340ක් සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් මඩවල, මහනුවර, මක්කානිගම සහ පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත අතර තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...