කදිරගාමර් ඝාතනයේ සැකකරුවෙකුට විදෙස් අධිකරණයකින් මාස 82ක සිර දඬුවමක්

0 2,434

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා 2005 වසරේදී ඝාතනය කිරීමට සම්බන්ධ වූ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ජර්මනියේ පුද්ගලිකත්ව රෙගුලාසිවලට අනුව නවනීදන් ජී. ලෙස පමණක් හඳුන්වා ඇති ඔහු කදිරගාමර් ඝාතනය සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු ලබාදුන් පුද්ගලයා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව ස්ටුට්ගාට් ප්‍රාදේශීය අධිකරණය මගින් ඔහුට මෙලෙස වසර 6 මාස 10ක සිර දඬුවමක් නියම කර ඇති බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ, බුද්ධි අංශ සාමාජිකයා 2012 වසරේදී ජර්මනියේ සරණාගතභාවය පතා සිටි අයෙකු බව ද එහි සදහන් කර තිබෙනවා.

You might also like
Comments
Loading...