විවාහයට සියල්ල සූදානම් කළ නාවික භටයාටත් කොවිඩ්

0 0

විවාහ මංගල උත්සවයට සියලුම කටයුතු සූදානම් කර තිබූ නාවික හමුදා සෙබලෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඊයේ(20) පැවැත්වීමට නියමිතව තිබූ ඔහුගේ විවාහ මංගල්‍ය දින නියමකයක් නොමැතිව කල් දැමීමට සිදු වූ බවයි හලාවත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

ඔහුගේ විවාහ උත්සවය ඊයේ(20) හලාවත මයික්කුලම ප්‍රදේශයේ උත්සව ශාලාවකදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර අදාළ නාවික හමුදා නිලධාරියා හලාවත කොක්කාවිල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මේ අතර කොවිඩ් 19 ආසාදිත තවත් අට දෙනෙකු වාර්තා වීමත් සමගින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 708ක් දක්වා ඉහළ ගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා.

කොවිඩ්-19 ආසාදිතයන් 17 දෙනෙකු හඳුනා ගැනුණු නාඋල ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව නාඋල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක මහතා පවසනවා.

පසුගිය 19 වැනිදා මෙම තීරණයට එළැඹි බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සිදු කරන ලද ප්‍රතිදේහ පරීක්ෂාවේදී ආසාදිතයන් දස දෙනෙක් හඳුනාගෙන ඇති අතර මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 17ක් වනවා.

You might also like
Comments
Loading...