ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිටියි

0 3

සුගිය ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වූ බවට සැකකළ ධනපතියෙකු වන ජැක් මා පළමුවරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරනවා.

ලෝක ප්‍රකට අලිබාබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා චීනයේ දෙවන ධනවතා ලෙස සැලකෙනවා.

ලෝකයේ ධනවතුන් අතර 21වන ස්ථානයේ පසුවන ජැක් මා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට අතුරුදන් වූ බවටයි වාර්තා පළ වූයේ.

කෙසේ නමුත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ රැස්වීමකට සහභාගී වූ ඔහු සුපුරදු ලෙස සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට දිළිඳු ප්‍රදේශයක ගුරුවරුන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඔහු ගෙන යන ව්‍යාපෘතියක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔහු මෙලෙස වීඩියෝවක් මුදාහැර තිබෙනවා.

ඔහු කුමන ස්ථානයක සිට එම වීඩියෝ පටිගතකිරීම සිදුකළේ ද යන්න තවමත් හෙළිව නොමැති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

ජැක් මා චීන රජය විවේචනයට ලක්කිරීම සහ චීනය හොංකොං රාජ්‍යයට සිදුකරන අත පෙවීම් පිළිබඳ දැඩිලෙස විවේචනයට ලක්කළ අයෙක් වනවා.

You might also like
Comments
Loading...