ධීවර වරායන් සදහා CCTV පද්ධති සවිකිරීමට උපදෙස්

0 5

ධීවර වරායන් සඳහා CCTV කැමරා ආරක්ෂණ කැමරා පද්ධති සවි කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ් ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන ධීවර වරාය නීතිගත සංස්ථාවේ වරායන් සදහා පහසුකම් සපයන්නා සේම එම වරායන් ගෙන් සේවාවන් ලබා ගන්නා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්‍රජාව හට ඔවුන්ගේ ඉල්ලීම මත CCTV ආරක්ෂණ කැමරා වරාය භූමියෙහි සවි කිරීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් මතයි.

මේ වන විට ඒ යටතේ වාලච්චේන ධීවර වරායේ ආරක්ෂාව වෙනුවෙන් CCTV ආරක්ෂණ කැමරා සවි කර අවසන් කර ඇති අතර පුරාණවැල්ල ධීවර වරායේද එම කටයුතු සිදු කරමින් පවතිනවා.

පලමු අදියර යටතේ වාලච්චේන, පුරාණවැල්ල, මිරිස්ස, ගාල්ල සහ කොඩ්බේ යන ධීවර වරයන් 5 සදහා මෙම කටයුතු සිදු කරන අතර, ඒ හා සමගම අනෙකුත් සියලුම ධීවර වරායන් සදහාද CCTV ආරක්ෂණ කැමරා සවි කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ධීවර කර්මාන්තයේ යෙදෙන සහෝදර ජනතාවගේ බෝට්ටුවල සවි කර ඇති මෝටර් සොරා ගැනීම්, ඔවුන්ගේ දැල් සොරා ගැනීම් ඇතුලු තවත් එහි සිදු වන අක්‍රමිකතා රැසක් හේතුවෙන් මෙම CCTV ව්‍යාපෘතිය සිදු කරන අතර මින් වරායන් සියල්ලේම ආරක්ෂාවට විශාල පිටුවහලක් වේ යැයි ධීවර ජනතාව පවසනවා.

මෙම ව්‍යාපෘතිය මගින්, වරාය භූමියේ ප්‍රධානදොරටුව, පාලම්තරාදි, ඉන්ධනහල්, දැල් ශාලා, මත්ස්‍යවෙලද ශාලා, ජැටිය, බෝට්ටු අළුත් වැඩියාව සිදු කරන ස්ථාන ආදී වරාය තුල වැදගත්, ආරක්ෂාව තර කල යුතු ස්ථාන වල මෙම කැමරා සවි කිිිිිිරීමට නියමිතයි. 

You might also like
Comments
Loading...