බස්නාහිර පළාතේ පාසල් හෙට විවෘත කෙරෙන හැටි

0 1

හුදකලා කර ඇති ප්‍රදේශයන් හැර බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් හෙට(25) දිනයේ සිට විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව බස්නාහිර පලාතේ පාසල් 900කට අධික සංඛ්‍යාවක් හෙට දිනයේදී මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ.

එසේම දුර බැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවද අධ්‍යාපන අමාත්‍යංශ්‍ය පවසනවා.

 

You might also like
Comments
Loading...