UPFATE : ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 58,000 ඉක්මවයි

0 3

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව මේ වන විට 58,000 ඉක්මවා තිබෙනවා.

ඒ අද දිනයේ මේ දක්වා තහවුරු කර ගනු ලැබූ ආසාදිතයන් 841 දෙනාද සමගින්.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 58,430ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රාත්‍රී 9ට පමණ නිකුත් කළ නිවේදනයට අනුව තවත් ආසාදිතයන් 492ක් වාර්තා වන අතර ඔවුන් සියලුම දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයන් වනවා.

ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,551ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ආසාදිතයන් ගෙන් මේ වනවිට ආසාදිතයන් 49,684 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 8,466 දෙනෙක් තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 280ක්.

 


 

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව පනස් අට දහසට ළංවෙයි [Jan 24, 2021 at 19:04]

 

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව අද දිනයේ මේ දක්වා තහවුරු කර ගනු ලැබූ ආසාදිතයන් 349 දෙනාද සමගින් 57,936ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද(24) පස්වරු 6.10ට පමණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව දිවුලපිටිය, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 54,059ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ මේ දක්වා හඳුනා ගැනුණු ආසාදිතයන් 349 සෙවා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසන්නේ.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිත සමස්ත ආසාදිතයන් ගෙන් මේ වනවිට ආසාදිතයන් 49,684 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 7,972 දෙනෙක් තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 280ක්.

 

You might also like
Comments
Loading...