ගම්පහ දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කාර්යාලය – රත්මලාන පෞද්ගලික බැංකුවක් – අංකුඹුර පොලිසිය තාවකාලිකව වැසේ

0 2

ම්පහ විජය පාරේ පිහිටි දිස්ත්‍රික් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යලය යළි දැනුම්දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසනවා.

ඒ එම කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරුවීමත් සමගින්.

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු උණ සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද(25) සවස කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 31 දෙනෙක් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කර තිබෙනවා.

ඉන් දස දෙනෙකු ආසාදිතයන් බව හඳුනා ගැනුණු බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසන්නේ.

ඒ අනුව එහි තවත් සිය දෙනෙකු පමණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළ බවද ඔහු කියා සිටියා.

එසේම එම කාර්යාලයේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ගම්පහ රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්ව ඇති අතර එහිදීපස් දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක්ද අද(25) සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

අදාළ බංකු ශාඛාවේ සේවක සේවිකාවන් 8 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ බැංකු කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදිත බවට පසුගිය සතියේ තහවුරු වීමත් සමගින් පසුගිය 24 වනදා එම බැංකුවේ තවත් සේවක සේවිකාවන් 9 දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

එම 9 දෙනාගෙන් හත් දෙනෙකුටම කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් මෙලෙස අදාළ බැංකු ශාඛාව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආසාදිත සේවක සේවිකාවන් බැංකුව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීඹටත්, අනෙකුත් සේවක පිරිස නැවත පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කෙරෙන තුරු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර මහනුවර අංකුඹුර පොලිස්යද වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ එම පොලිසියේ නිලධාරීන් 15 දෙනෙකෙුට අහඹු පී.සී.ආර්. පරීක්ෂාවන් සිදු කිරීමෙන් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමගින්.

ඒ අනුව අංකුඹුර පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට ලක් කර පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...